සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කර ඇත.
ජැමෙයිකාවේ සබිනා පාර්ක් (Sabina Park) ක්‍රීඩාංගණයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදුවූ අතර, ඒ අනුව තරග 3කින් සමන්විත වූ මෙම තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 2003 වසරෙන් පසුව, එනම් වසර 23කට පසු කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාව ලැබූ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය වීම විශේෂත්වයකි.
එක්දින තරගාවලිය නිමාවීමත් සමඟ දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස (T20I) ක්‍රිකට් තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිතව තිබේ.

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත සිව්වසරක සිරදඬුවම් නියම කෙරේ! දඩත් පනවයි!
හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කෙරේ
උපවාසය අතහැරීමට සලේගෙන් කොන්දේසි
අද කාලගුණ නිවේදනය
හිටපු ඇමතිවරයෙකුට එරෙහි තීරණාත්මක නඩු තීන්දු 4ක් අද
භාණ්ඩාගාරයෙන් නැති වුණු මුදල් ගැන කරුණු දැක්වීමට මහ බැංකුවට සතියක කාලයක්
සංඝ කතිකාවතක් ගැන මල්වතු මහ නාහිමිගෙන් ප්‍රකාශයක්
පින්නදූව අධිවේගී පිවිසුමේ බිහිසුණු අනතුරක්! පිරිසක් රෝහලට!
මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය සීමා කරයි – විකල්ප මාර්ග ගැනත් දැනුම්දීමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතෝලික සභාවේ ස්ථාවරය
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන නිකුත් කරයි
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය නිවේදනය කරයි