දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින දැඩි කැළඹිලි ස්වභාවය සැලකිල්ලට ගනිමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නාවික සහ ධීවර ප්‍රජාව වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි “රතු” අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
සම්පූර්ණයෙන්ම යාත්‍රා කිරීම තහනම් ප්‍රදේශ:
- කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ.
- විටින් විට පැයට කිලෝමීටර 60-70ක් (60-70 km/h) දක්වා ඉතා තද සුළං ඇති විය හැක.මෙම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින්, නැවත දැනුම් දෙන තුරු මෙම කලාපයට යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැඩිව අවධාරණය කර ඇත.
අනෙකුත් රළු මුහුදු ප්‍රදේශ:
- ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60ක් දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු වේ.
- මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 සිට 2.5ක් (2.0 – 2.5 m) දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස සමස්ත ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

නඩු හතරකට වරදකරු වුණු සරණ ගුණවර්ධනට නියම වුණු දඬුවම
ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවත් නැගිටියි!
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි
තලවතුගොඩ අවන්හලක ගින්නක්! තිදෙනෙකු ජීවිතක්ෂයට!
හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කෙරේ
උපවාසය අතහැරීමට සලේගෙන් කොන්දේසි
අද කාලගුණ නිවේදනය
වසර 23 කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජය
හිටපු ඇමතිවරයෙකුට එරෙහි තීරණාත්මක නඩු තීන්දු 4ක් අද
භාණ්ඩාගාරයෙන් නැති වුණු මුදල් ගැන කරුණු දැක්වීමට මහ බැංකුවට සතියක කාලයක්