Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්

3 hours ago

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාට එරෙහිව දැනට ක්‍රියාත්මක වන රැඳවුම් නියෝගය වහාම අවලංගු කරන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

සුරේෂ් සලේ මහතා රඳවා තබා ගැනීමට අදාළ නඩු කටයුතු පසුගිය මැයි මස 20 වැනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ බව ඇය පෙන්වා දෙයි.

වෛද්‍ය වාර්තාවෙන් හෙළිවූ කරුණු: එම නඩු කටයුතු අතරතුර අධිකරණ නියෝග පරිදි සකස් කරන ලද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ (JMO) නිල වාර්තාව අධිකරණයට ලැබී ඇත.

තම ස්වාමිපුරුෂයා රැඳවුම් භාරයේ සිටියදී දැඩි ශාරීරික හා මානසික පීඩාවන්ට (Physical and Mental Torture) ලක්වූ බවට දිගින් දිගටම කළ ප්‍රකාශ, එම වෛද්‍ය නිලධාරියාගේ නිගමන මඟින් සම්පූර්ණයෙන්ම සනාථ වී ඇති බව මනෝරි සලේ මහත්මිය ජනාධිපතිවරයාට අවධාරණය කර සිටී.

මෙම මානුෂීය සහ නීතිමය පසුබිම සැලකිල්ලට ගනිමින් ඔහුට පනවා ඇති රැඳවුම් නියෝගය වහාම ඉවත් කිරීමට මැදිහත් වන ලෙස ඇය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *