පසුගිය පෙබරවාරි 6 වැනිදා සහ 7 වැනිදා තුර්කියට බලපෑ ප්‍රබල භූමි කම්පාවලින් දකුණු දෙසින් පිහිටි ගම්මානයක් දෙකඩ වී ඇතැයි වාර්තා වෙනවා.
එම භූමි කම්පාවෙන් ඩෙමිකොප්රු නමැති ගම්මානය මැද ආවාටයක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම ගම්මානයේ දහසකට ආසන්න පිරිසක් ජීවත් වෙන අතර භූමි කම්පාවෙන් නගරයේ නිවාස සහ ගොඩනැගිලි සියල්ල මුළුමනින්ම විනාශ වී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.