Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නාවික සෙබළාගේ පා පහරින් සිව් මස් කලලය විනාශ වෙයි

2 years ago 3.6 K

ගණේමුල්ල අමුණුගොඩ නිවසක පැවති උපන්දින සාදයක දී අතිවූ ගැටුමක් අතර ගැබිණි කාන්තාවගේ උදරයට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදාවේ සෙබළෙක් ගනේමුල්ල පොලිසිය විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

පා පහර කෑ සිවු මස් ගැබිනියක බොරැල්ල ද සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ කලලය පා පහරවැදීමෙන් විනාශයට පත්ව ඇති බවට එම රෝහලෙන් දැනුම් දී තිබෙනවා.

සැකකාර නාවික හමුදා සෙබළාගේ සහෝදරියකගේ නිවසේ උපන්දින සාදයක් පවත්වා ඇති අතර එයට මෙම නාවික සෙබළා ද සහභාගි වී තිබේ.

මෙම නාවික සෙබළාගේ සහෝදරියගේ සැමියගේ සහෝදරයකු සහ නාවික සෙබළ අතර බහින්බස් වීමක් සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකාර සෙබළා ඔහුට ද පහර දී ඔහුගේ ගැබිණි බිරිඳගේ උදර ප්‍රදේශයට ද වැරෙන් පා පහරවල් කිහිපයක් එල්ල කර ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.

පා පහර කෑමට ලක් වූ සිවු මස් ගැබිනිය බිම ඇද වැටී ඇතැයි ද පැවසේ ගැබිණි කාන්තාවට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදා සෙබළා සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔහු පුල්මුඩේ ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරන අයෙකි.

ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ටි. ඒ. ඩී. ටී. සේනානායක මහතාගේ මෙහෙයවීම යටතේ ගනේමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. පී. එස්. ප්‍රියංග මහතාගේ ප්‍රධානත්වයෙන්මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
(ලංකාදීප – ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *