Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

“පුතේ යන්න එපා. දෙන්න සල්ලි නෑ” මව්පියන්ගේ විරෝධය නොතකා සිරිපා කරුණා කළ 17 හැවිරිදි සිසුවාට දිවි අහිමි වෙයි

4 K

සිරිපා වන්දනාවේ ගිය 17 හැවිරිදි තරුණයෙකු පසුගියදා (17) සිදු වූ රිය අනතුරක දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බෙරලපනාතර – උඩුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තුෂාන් තරින්දක නමැති පාසල් ශිෂ්‍යයෙක්.

දෙමව්පියන්ගෙන් කළ දැඩි ඉල්ලීමකට අනුව මෙම තරුණයාගේ ආසාව ඉටු කිරීම වෙනුවෙන් සිරිපා කරුණා කිරීමේ අවස්ථාවට තම දරුවාට දුන් බවයි මියගිය සිසුවාගේ පවුලේ සාමාජිකයින් සඳහන් කළේ.

පවුලේ ඇති දැඩි ආර්ථික හිඟය හේතුවෙන් තම පුතුට සිරිපාදේ නොයන ලෙසට මව පැවසු අවස්ථාවේ දී දරුවා කියා ඇත්තේ තමන්ට වන්දනාවේ යාමට ඉඩ නොදුන්නොත් තමන් මැරෙන බවයි.

මේ හේතුවෙන් දරුවාට ඉතා අසීරුවෙන් වන්දනාවට අවශ්‍ය මුදල් ලබා දුන් බවත් මියගිය දරුවාගේ දෙමව්පියන් සඳහන් කරනවා.

සිරිපා නිමකර පැමිණෙන අතරමග දී සිදු වූ රිය අනතුරකින් මෙම දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු බෙරලපනාතර මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *