මේ වසර අවසන් වන විට රජයේ සේවකයින්ට කිසියම් දීමනාවක් ලබා දීම කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ඊයේ (20) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනු යි ඔහු මේ බව සඳහන් කළේ.
මේ අතර, වැටුප් රහිත නිවාඩු ලබා මෙවර පුංචි ඡන්දයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයන්ට ඡන්දය කල්යාම නිසා මාස තුනක් යනතුරු වැටුප් නොලැබීමේ අවධානමක් මතුවී තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයකට අනුවයි.
ඡන්දය කල්ගිය හොත් නාම යෝජනා බාරදුන් දිනයේ සිට මාස තුනක් ගතවන තෙක් එම අපේක්ෂකයා වැටුප් රහිත නිවාඩු ලබා සිටිය යුතු බවද එහි සඳහන්.