Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බෑණා පැද වූ ටිපර් රථයට බිලි වූ නැන්දම්මා

1.2 K

බෑණා පැදවූ ටිපර් රථයට යට වීමෙන් නැන්දම්මා මිය ගිය පුවතක් නවගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ නවගොමුව සුදු විල ප්‍රදේශයේ පදිංචිව සිටි පැපිලියානගේ  හේමමාලි (66) යන සිව් දරු මවකි. 

අනතුරින් මියගිය කාන්තාව නිවසේ තනිවම පදිංචිව සිටින අතර වැඩිමහල් දියණිය විවාහ වී සිටින  බෑනා වන ටිපර් රථ රියදුරු ඇයට දහවල් ආහාර රැගෙන ටිපර් රථයේ සිටම එය ලබා දී  ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ආහාර පාර්සලේ රැගෙන මියගිය කාන්තාව ලොරි රථයේ ඉදිරිපසින් ගමන් කිරීමේදී මාර්ගයේ තාර ගැට්ටේ ගැටී පය ලිස්සා වැටීමෙන් එම ටිපර් රථයේ ඉදිරිපස රෝදයටම යටවී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

බරපතල තුවාල ලද එම කාන්තාව නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

නවගමුව  පොලිසියේ ස්ථානාධිපති ප්ර්ධාන පොලිස් පරීක්ෂක ලයනල් ප්ර්නාන්දු මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 56992 රෝහිත මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *