විදුහල්පති පුරප්පාඩු හාරදහස් අටසියයක්(4800) පිරවීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා.
මේ සඳහා දසදහසක් පමණ අයැදුම් කර තිබෙන අතර ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ මෙම සතියේ සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මෙම පුරප්පාඩු පිරවීමට අවසර දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම දිගින් දිගට ම ප්‍රමාද වීම නිසා ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ දී සිය විරෝධය පළ කළ අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඊට අනුමැතිය ලබා දී ඇත්තේ ඉන් පසුවය.