පසුගිය කාල සීමාවේ දී වෙළඳපලෙහි ඉහළ ගොස් තිබූ ආනයනික පළතුරු මිල ගණන් පහළ බැස ඇති බව වාර්තා වනවා.
ඇපල්, දොඩම්, නාරං වැනි මෙරටට වැඩි වශයෙන් ආනයනය කරන පළතුරු වර්ග කිහිපයක මිල මෙලෙස පහල බැස ඇති බවයි වෙළඳපොළ වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත් දේශීය වෙළදුන් විසින් සපයන කෙසෙල්, පැපොල්, අන්නාසි වැනි පළතුරු වල මිල ගණන් තවමත් ඉහළ අගයක පවතිනවා.