හෙට දිනයෙදි ලංකාව පුරා රාජ්‍ය රොහල් තුල සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව විසින් කරුණු 8ක් මුල් කර ගෙන උදැසන 8 .00 සිට 1200 පැය දක්වා වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණය පැවත්විමට නියමිතව ඇති බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද මාධ්‍ය හමුවක් පවතිවමින් කියා සිටියේය.
එම කරුණු 08 පහත පරිදි වේ.
* ඖෂධ හා උපකරණ ,හිඟය කඩිනමින් පියවා ගැනිම සහා ශල්‍යකර්ම විදිමත්ව සිදු කර ගැනිම
* අසාධාරණ ලෙස ඉහල දැමු බැංකු පොලි අනුපාත පහල දමා ගැනිම
* කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ශාන් බෙල්ලන ජාතික රෝහලෙන් ඉවත් කර ගැනිම
* සියලු සෙවකයින්ට උද්දමන හා ප්‍රවාහන දිමනාවක් ලබා ගැනිම
* සෞඛ්‍ය සේවක හිඟය පියවා ගැනිම හා ස්ථාන මාරු විදිමත්ව සිදු කර ගැනිම
* අසාධාරණ බදු ප්‍රතිපත්ති ඉවත් කර ගැනිම
* අතිකාල සිමා කිරිමේ චක්‍රලේඛය ඉවත් කර ගැනිම
* දින 5 වැඩ සතිය ලබා ගැනිම
ඔවූන් වැඩි දුරටත් පවසා සිටියේ,
“හෙට දිනයේ දී අප මෙම වැඩවර්ජනය හා උද්ඝෝෂණය පවත්වා රජය දැනුවත් කිරිමක් කරනවා. මෙම ගැටලුවලට විසඳුමක් ලබා දෙන ලෙස රජය හෙට දිනයේ දී ඇහුම්කන් නොදුන්නොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩවර්ජන සහ දැවැන්ත විරෝධතා පවත්වනවා. අප සමග සමිති 30 පමණ එකතු වෙලා තිබෙනවා”
source – aruna