Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාර්තුවේ රජයේ සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි ඇතුළු දීමනා ගෙවීමට මුදල් නෑ! මුදල් අමාත්‍යාංශ ලේකම් කැබිනට් මණ්ඩලයට දැනුම්දෙයි!

6 K

මාර්තු මාසයේ රජයේ සේවක වැටුප් විශ්‍රාම වැටුප්, සමෘද්දි දීමනා ඇතුළු එදිනෙදා දැරිය යුතු පුනරාවර්තන වියදම වෙනුවෙන් රුපියල් බිලියන 23 ක මුදලක් හිග බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මාර්තු මාසය සඳහා අපේක්ෂිත ආදායම රුපියල් බිලියන එකසිය හැත්තෑ තුනක් වුවද වැටුප් හා පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන එකසිය 196ක් අවශ්‍ය බව ද හෙතෙම පැවසීය.

ඒ අනුව රුපියල් බිලියන 23 හිගයක් ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දුන් බව හෙතෙම කියා සිටී.

මාර්තු මස ලංකාව ගෙවිය යුතු ණය හා පොලිය රුපියල් බිලියන 508 ක් බවත්, ඒ අනුව මාර්තු මාසයේ හිඟය රුපියල් බිලියන 531ක් බවත් ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *