කොරියාවේ පුහුණු වෘත්තිකයන් සඳහා පවතින රැකියා අවස්ථා ඉලක්ක කර ගනිමින් ලංකාවේ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පිළිබඳව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ අවධානය යොමුව තිබෙනවා .
ඒ අනුව, ඒ සම්බන්ධව ඊයේ (23) දිනයේ විදේශ රැකියා අමාත්‍යවරයා සහ කොරියාවේ විශේෂ නියෝජිතයකු සමග සාකච්ඡාවක් පැවැත්වුණා .
එහි දී අදාළ පුහුණු මධ්‍යස්ථානය ඉතා කඩිනමින් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පහසුකම්, සහයෝගය සහ මැදිහත්වීම සිදු කරන බවට අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා
එමගින් කොරියානු රැකියා වෙළෙදපොළ අපේක්ෂා කරන ආකාරයේ පුහුණු වෘත්තිකයන් පිරිසක් බිහිකිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ
E7 වීසා කාණ්ඩය යටතේ වෑද්දුම් ශිල්පීන් කොරියානු රැකියා සඳහා යොමු කරන ආකාරයෙන් ඉදිරියේ දී පුහුණු වෘත්තිකයන් කොරියානු රැකියා සඳහා යොමු කිරීම තව දුරටත් පුළුල් කිරීමට මේ අනුව අවස්ථාව උදා වෙන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.
මේ අතර මේ වසරේ පැවැත්වීමට නියමිත 07 වන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85,072ක පිරිසක් අයදුම් කර තිබෙනවා.
කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති අවස්ථාව මෙයයි.