Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අර්ජුනගේ ප්‍රශ්න කිරීම් හමුවේ ක්‍රීඩකයින් තිදෙනෙකුගේ ක්‍රීඩා සමාජ සාමාජිකත්වයන් තහනම් කෙරේ

2 years ago 2.4 K

අපකීර්තිමත් හැසිරීම යන කරුණ හේතුකරගනිමින් ධනුෂ්ක ගුණතිලක, සචිත්‍ර සේනානායක සහ නුවන් සොයිසාගේ ක්‍රීඩා සමාජ සාමාජිකත්වය තහනම් කිරීමට එස්.එස්.සී ක්‍රීඩා සමාජය කටයුතු කර ඇති බව වාර්තා වේ. 

මොවුන්ගේ සමාජිකත්වය අහෝසි කරන්නේද යන්න සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජය අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවත්, ඒ අතර කාලයේදී දින 14ක් තුළ ‍නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාවක්ද ලබා දී ඇතැයි පැවසේ.

 මෙලෙස තහනමට ලක්විය යුතු සාමාජිකයන්ගේ ලැයිස්තුවට සනත් ජයසූරියගේ නමද ඇතුළත්ව තිබී ඇතත්, ඔහු ක්‍රීඩා සමාජ සමාජිකත්ව ගාස්තු ගෙවා නොමැතිවීම මත ඒ වන විටද ඔහුගේ සාමාජිකත්වය ඉබේම අහිමිව ඇති බව හෙළිවීමත් සමග සනත්ගේ නම මෙම ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයිද සැලවේ.

අර්ජුණ රණතුංග විසින් එස්.එස්.සී ක්‍රීඩා සමාජ විධායක කමිටුවේදී කරන ලද ප්‍රශ්න කිරීමකට අනුව අදාළ පුද්ගලයන්ගේ සමාජිකත්වය සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන කථිකාව මතුව ඇතැයි පැවසේ.

එස්.එස්.සී සමාජික ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජය නිසි පියවරක් නොගන්නේ මන්දැයි අර්ජුණ විසින් එම විධායක කමිටුවේදී ප්‍රශ්න නගා තිබේ.

එයට ඌන පූර්ණයක් එක්කරමින්, ධනුෂ්ක ගුණතිලක පමණක් නොව තරග පාවාදීමේ චෝදනාවට ලක්ව දඩුවම් ලැබූ අයගේ සාමාජිකත්වය සම්බන්ධයෙන්ද පියවරක් ගත යුතු බවට මෙහිදී විධායක කමිටුවේ සෙසු සමාජිකයන් පවසා ඇත. අදාළ සෙසු නම් මෙම ලැයිස්තුවට එක්ව ඇත්තේ ඒ අනුවය.
-අරුණ-

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *