Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සජිත් ප්‍රේමදාසගේ නැගණිය අනුර කුමාර දිසානායකට විරුද්ධව නඩු මගට

3.3 K

තමාට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සොහොයුරිය වන දුලාංජලී ජයකොඩි විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ 2017 වසරේ සිදු වූවා යැයි කියන මූල්‍ය ගනුදෙනුවකට අදාළව අනුර දිසානායක මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශවලට අදාලවයි.

විපක්ෂ නායකවරයාගේ නැගණිය නීතිඥයෙකු මාර්ගයෙන් එන්තර වාසියක් නිකුත් කරමින් පවසන්නේ මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධ වේදිකාවේ දී කරන ලද චෝදනාව සම්බන්ධයෙන් තමන් මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි.

ව්‍යාපාරික ගනුදෙනුවකට අදාලව මුදල් ගෙවීමක් සිදු කිරීමේ දී ඒ සඳහා ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුදල් දුලාංජලී ජයකොඩි වෙත භාරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු 2017 මැයි මාසයේ දී මහාධිකරණයේ දී වරද පිළිගෙන තිබුණ බවත් ඒ සඳහා විපක්ෂ නායකවරයාගේ නැගණිය වන දුලාංජලී ජයකොඩිට රුපියල් මිලියන 2ක වන්දියක් ලැබුණ බවත් ඇයගේ නීතිඥයා විසින් අදාල එන්තරවාසියේ සඳහන් කරනවා.

මේ අතර අදාල එන්තර වාසිය මගින් ඇයගේ නීතිඥයා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට චෝදනා කරන්නේ, එම සිද්ධියට අදාළව අසත්‍ය තොරතුරු සහ අපහාසාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රචාරය කරමින් ජනතා මතය හසුරුවන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *