Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පරීක්ෂණවලට ඇතුල් කළ නවතම පුහුණුව

1 year ago 5.4 K

රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණයේදී ඊට ප්‍රථමාධාර පුහුණුවද ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරනවා.

ඊයේ (20) මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති “ප්‍රථමාධාර පුහුණු කිරීම හා ජීවිත මුදවාගැනීමේ ව්‍යාපෘතිය” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේදී මේ ගැන අදහස් දක්වා තිබෙනවා. මෙම ව්‍යාපෘතිය රතු කුරුස සමාජය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතන එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දෛනිකව සිදුවන රථවාහන සහ මාර්ග අනතුරුවලදී සිදුවන ජිවිතහානි වළක්වා ගැනීම සහ නිවැරදි ප්‍රථමාධාර ක්‍රමවේද හදුන්වාදීමේ වැදගත්කම නිසා පොලිස් නිලධාරින් හා රියදුරන් වෙත මෙම ප්‍රථමාධාර පුහුණුව ලබා දීම ව්‍යාපෘතියේ අරමුණ වනවා.

අධිවේගී මාර්ග තුළ සිදුවුන රිය අනතුරුවලදී කඩිනමින් ක්‍රියාත්මක වියහැකි ආකාරයෙන් ප්‍රථමාධාර පිළිබඳ පුහුණුවක් අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩල වෙත ලබාදීමේ වැඩසටහනක් ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී යෝජනා වී තිබෙනවා.

ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සඳහා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික අධිකාරිය ඇතුළු අනෙකුත් ආයතනවල උපරිම සහයෝගය සහ දායකත්වය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අදහස් පළකලා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *