ජපානයේ රික්ටර් මාපකයේ 6.1 ප්‍රබල භූ චලනයක් සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.
එරට NHK රුපවාහිනී වාර්තා කර ඇත්තේ ජපානයේ උතුරු හොකයිඩෝ දූපතේ නැගෙනහිර කොටසේ මෙම ප්‍රබල භූමිකම්පාව සිදුව ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ භූමිකම්පාවෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සුනාමි අනතුරු නිවේදනයක් නිකුත් කර නොමැති බව වාර්තා වී ඇති බවයි.