රටේ අධිකරණය විසින් මැතිවරණය ගැන නියෝගයක් නිකුත් කිරීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණය නොපැවැත්වෙන්නේ යැයි කළ ප්‍රකාශය මත ඔහුට වසර 03ක සිර දඬුවමකට ලක්විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම ගැන අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇති මොහොතක එහි තීන්දුව දීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මැතිවරණය නොපවත්වන බවට කළ ප්‍රකාශය රටේ අධිකරණයට කළ අපහාසයක් බවද ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි.
එම නිසා මීට එරෙහි රටේ මහජන බලයක් කැඳවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණය පැවැත්වීමට බාධා කිරීම පිළිබඳව ඉදිරියේදී නීතිය හමුවට යන බවද ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි.