Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයේ අක්කර ඉඩමක් කොළේ වසා සුද්දෙක්ට බද්දට දීලා! මිලියන 24ක් මන්ත්‍රීගේ සාක්කුවට!

1 year ago 1.1 K

පුත්තලම මහකුඹුක්කඩවල  වල්පාලුවේ පිහිටි  රජයට අයත් අක්කර දෙසීයක ඉඩමක් විදේශිකයකුට බදු දී රුපියල් මිලියන 24 ක මුදලක් වංචා කළේ යැයි කියන පොදුජන පෙරමුණේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් පොලිසිය විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැක සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ පුත්තලම පොලිස් වසමේ පදිංචිව සිටි පනස් හැවිරිදි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකි.

පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ අංක 3 ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසිනි

රජයට අයත් අක්කර 200 ක ඉඩම විදේශිකයකුට බද්දට ලබා දී මිලියන 24 ක මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් ද රහස් පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි

අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රහස් පොලිසිය කටයුතු කරමින් සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *