සුනඛ දඩයමේ පැමිණි කඳුකර කොටියෙකු වැසිකිළියක සිර වී තිබෙනවා.
අද (26) අලුයම වතු නිවාසයක වැසිකිළියක අදාළ කොටියා සිර වී ඇති බවයි වාර්තාවන්නේ. හැටන් පොලිස් වසමට අයත් හැරල්ඩ් වතුයායේ වතු නිවසක එහි හිමිකරු උදෑසන වැසිකිළියට ගිය අවස්ථාවේදියි මෙම කඳුකර කොටියා එහි වැතිර සිට ඇත්තේ.
මෙම වතු යායට නිරතුරුව කඳුකර කොටීන් පැමිණෙන බවත්, එසේ පැමිණ සුනඛයින්ව දඩයම් කරගන්නා බවත් වතුවාසීන් පවසනවා.
පසුව හැටන් පොලිසිය විසින් නල්ලතන්නිය වනජීවී නිලධාරින්ට අදාළ කඳුකර කොටියා ගැන දැනුම්දී තිබෙනවා.

