Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දරුවන් දෙදෙනා පාලම මත තබා 31 හැවිරිදි මව ගඟට පනී

2 years ago 3.7 K

බෙන්තොට පාලම මතින් ගඟට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ කාන්තාවකගේ දිවි බේරාගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

සිය අවුරුදු එක හමාරක ස අවුරුදු 10ක දරුවන දෙදෙනා බෙන්තොට පාලම මත තබා එම කාන්තාව මෙලෙස අද (26) පස්වරුවේ පාලමෙන් පැන ඇති බවයි වාර්තා වන්නේ.

බලංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක කාන්තාවක් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මතින් ගඟට පැන ඇති කාන්තාව බෝට්ටු සේවකයෙකු විසින් බේරාගෙන ඇති අතර, අනතුරුව ඇය සුවසැරිය ගිලන් රථයක් මඟින් බෙන්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බලපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ කාන්තාව අද (26( උදෑසන දරු දෙදෙනා සමඟ බලංගොඩ ප්‍රදේශයේ සිට ඌරගස්මං හන්දිය ප්‍රදේශයේ සිටින තම සැමියා හමුවීමට පැමිණ ඇති බව සඳහන්.

එලෙස පැමිණි කාන්තාවට සැමියා දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ ආපසු යන ලෙසයි.

එම අවස්ථාවේ මෙම කාන්තාව දරුවන් දෙදෙනා සමඟ ගමන් කරමින් සිටි බස් රථයෙන් බැස බෙන්තොට පාලම මතට පැමිණ දරුවන් දෙදෙනා පාලම මත තබා මෙලෙස ගඟට පැන ඇති බවයි විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *