Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාධ්‍යවේදියෙකුගේ මවගේ හා සුළු මවගේ ගිනිගත් මළ සිරුරු නිවසින් හමුවෙයි

2 years ago 2.5 K

අකල්හි වියෝ වූ එම්.පියුසියස් නැමැති යාපනයේ මාධ්‍යවේදියාගේ මව සහ සුළුමවගේ ගිනිගෙන දැවී ගිය මළ සිරුරු දෙක යාපනයේ ඌර්ගවේරු ප්‍රදේශයේ ඔවුන්ගේ නිවසේ තිබී යාපනය පොලිසිය විසින් ඊයේ (25 ) සොයා ගෙන තිබේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 65 කට වැඩි ඇසිලින් පෝලිනා සහ යේසුදාසන් වික්ටෝරියා යන සහෝදරියන් දෙදෙනාය.

මෙම මළ සිරුරු දෙක ආසන්නයේ තිබූ ගිනිපෙට්ටියක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර කාන්තාවන් දෙදෙනා මියගියේ හා ඔවුන්ගේ සිරුරු වලට ගිනි ඇවුලුණේ කෙසේ යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

කාන්තාවන් දෙදෙනාගේ මරණ දෙක සියදිවි හානි කර ගැනීමක් ද එසේත් නොමැතිනම් මිනී මැරුම්ද යන්න පිළිබඳව ප්‍රකාශයක් කළ නොහැකි බව පොලිසිය ප්‍රකාශ කරයි.

මළ සිරුරු දෙක පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *