Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අහස පොළොව නුහුලන අපරාධයක්! ළමා නිවාසයක දැරියන් 11ක් අපයෝජනය කරලා!

2 years ago 4.6 K

රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක දැරියන් 11 දෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියාව මාර්තු 8 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ති‌බේ.

අදාළ පුද්ගලයා පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.

60 හැවිරිදි සැකකරු රක්වාන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු බව පොලීසිය පවසයි.

අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට ලද තොරතුරකට අනුව රත්නපුර පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරු පසුගිය 24 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

බරපතළ ලිංගික අපයෝජනයට ලක්වූ බව පැවසෙන දැරියක් එම ළමා නිවාසයේ රැඳී සිට ඇත.

එම දැරියට වයස අවුරුදු 18 ඉක්මවූ පසු පාලිකාවගේ නිවසේ රැඳි සිට පාසල් ගොස් ඇතැයි ද පරික්ෂණවලදී හෙළිවී තිබේ.

එම දැරිය කහවත්ත රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වාගෙන ගිය එම ළමා නිවාසයේ පාලිකාවද සිද්ධිය අනාවරණය වීමෙන් පසු ඉවත් කර ති‌බේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *