Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාර්තු මුල් සතිය අවදානම්! පෘථිවි භූ තැටිවල සිදුවිය හැකි ප්‍රබල කම්පන පිළිබඳ අනතුරු ඇඟවීම්!

2 years ago 4.3 K

මාර්තු මාසයේ පළමු සතිය තුළ පෘථිවි භූ තැටිවල ප්‍රබල චලනයන් සිදුවිය හැකි බව ඉරාකයේ බැග්ඩෑඩ් විශ්වවිද්‍යාලයේ, භූ විද්‍යාඥයෙක් පුරෝකථනය කර තිබේ.

ඔහු පවසන්නේ චන්ද්‍රයා, පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතරට පැමිණීමත් සමග භූ තැටි මත ඇතිවන තෙරපීමෙන් ප්‍රබල භූකම්පන සිදුවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවය.

තුර්කි – සිරියා දේශ සීමාවේ සිදු වූ භූ කම්පනය පිළිබඳව පළමුව පුරෝකථනය කළ ලන්දේසි ජාතික විද්‍යාඥ ෆෑන්ස හූගර්බීට්ස්  ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙවැනිම අදහසක් පළ කර තිබුණි.

කෙසේ වුව ද පිළිගත් විද්‍යාඥයින් පවසන්නේ ග්‍රහ පිහිටීම මත පදනම් ව භූ කම්පන පිළිබඳව අනාවැකි පළ කිරීම භූ කම්පනය පිළිබඳ ඇති පිළිගත් පරාමිතීන්ට පටහැනි බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *