උතුරු ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ය.
අඟහරුවාදා (පෙබ. 28) සවස ලැරිසා නගරය ආසන්නයේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ මගීන් මුදා ගැනීම සඳහා සහ අනතුර හේතුවෙන් ඇති වූ ගින්න නිවා දැමීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කර ඇතැයි එම වාර්තාවල දැක්වේ
මෙලෙස එකිනෙක ගැටී ඇත්තේ මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් බව පැවසේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 17ක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අනතුරට ලක් වූ මගී දුම්රිය තෙසලෝනිකි සහ ලැරිසා අතර ධාවනය වෙමින් තිබී ඇත.