පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාව වෙත අනතුරු ඇඟවීමේ රතු එළි දල්වා තිබේ.
තවදුරටත් ප්‍රමාද නොකර නිදහස් සහ සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම ප්‍රයත්නයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය. එමෙන්ම එය ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ද ඇමරිකානු සෙනට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව අවධාරණය කරයි.