Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රථවාහන වැරදි 11ක් ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

2 years ago 3.3 K

රියදුරන්, මඟීන් හා පදිකයින් දැනුවත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත තුළ සිදුවන රිය අනතුරු, මාර්ග අවහිරතා අවම කරගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම වැඩසටහන මාර්තු 01 වනදා සිට 31 වනදා දක්වා බස්නාහිර පළාතේ සියලුම පොලිස් වසම් ආවරණය වනපරිදි පැවැත්වීමට නියමිතව ඇති බවත් එහිදී පහත සඳහන් වැරදි සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරන බවත් පොලීසිය දැනුම්දෙයි. 

  • රියදුරු බලපත්‍ර නොමැතිව රිය පැදවීම
  • වයස අවුරුදු 18ට අඩු ළමුන් රිය පැදවීම
  • ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික නොමැතිව රිය පැදවීම
  • මාර්ග නීති උල්ලංඝනය කිරීම
  • වටරවුම් ආශ්‍රීතව සිදුකරන වැරදි
  • පදික මාරුවල සිදුකරන වැරදි
  • මන්තීරු මාරු කරමින් ධාවනය
  • විදුලි සංඥා අසල සිදුකරන වැරදි
  • බස් නැවතුම් පොළවල සිදුකරන වැරදි
  • තහනම් ප්‍රදේශවල රථවාහන නවතා තැබීම්
  • ආරක්ෂක හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *