Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තුර්කි භූ කම්පනය ගැන අනාවැකි පළ කළ විද්‍යාඟයාගෙන් මෙම සතියේ සිදුවන ප්‍රබල භූකම්පනයක් පිළිබඳ ලොවම සලිත කරවන අනතුරු ඇඟවීමක්

7 months ago 6.3 K

ලෝකයම කම්පා කරවූ තුර්කි සිරියා දේශසීමාව ආසන්නයේ සිදුවූ භූ කම්පනය පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකළ භූ විද්‍යාඥයා කළ නවතම අනතුරු ඇඟවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

තුර්කි-සිරියා භූ කම්පනය හේතුවෙන් 50,000ට වැඩි පිරිසකට දිවි අහිමිවිය.

මෙලෙස තවත් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික Frank Hoogerbeets විසිනි.

එහිදී ඔහු සිය අනතුරු ඇඟවීම නිකුත් කරමින් පවසා ඇත්තේ මාර්තු මාසයේ පළමු සතිය තුළදී ලෝකයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවිය හැකි බවය.

අදාළ අනතුරු ඇඟවීම හරහා ඔහු විසින් භූ කම්පනය සිදුවිය හැකි වේලාවක් හෝ ස්ථානයක් පිලිබඳව නිශ්චිත සඳහනක් කර නොමැත.

එසේම මෙලෙස ඇතිවිය හැකි භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 7-8 හෝ ඊට වඩා වැඩි අගයක් ගනු ඇති බවද ඔහු විසින් අනාවැකි පළකර තිබේ.

සිය යූ ටියුබ් නාලිකාව හරහා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් භූ විද්‍යාඥ Frank Hoogerbeets පවසන්නේ තමන් මෙලෙස අනතුරු ඇඟවීම සිදුකිරීම අරමුණ ජනතාව බියට පත්කිරීම නොවන බවත් අනතුරකට පෙර ගතහැකි ආරක්‍ෂිත පියවර ගැනීම බවත්ය.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *