Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීමට හේතු පිළිබඳව මුදල් අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

2 years ago 1.8 K

‍ශ්‍රී ලංකාව තුළ දේශපාලන ස්ථාවරත්වය සහ සාමකාමී වාතාවරණයක් ඇති කිරීම ඇතුළු ආර්ථිකයට අදාළව රජය ගෙන ඇති ප්‍රධාන තීරණ කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශයට අනුව, 2022 සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් වූ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය 2023 පෙබරවාරි වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් දක්වා 23.5%කින් ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක වැඩිවීමක් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

2022 සැප්තැම්බර් මාසයේදී 94.9% ක් වූ මූලික උද්ධමනය 2023 ජනවාරි මාසයේදී 60.1% දක්වා පහත වැටී ඇති බව ඔහු අනාවරණය කරනවා.

2022 සැප්තැම්බර් මාසයේදී පැමිණීම් 29,802ක් වූ සංචාරක පැමිණීම් 2023 පෙබරවාරි වන විට 107,639ක් දක්වා 261% කින් ඉහළ ගොස් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *