Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තරබාරු පුද්ගලයින්ගේ සීඝ්‍ර වැඩිවීමක්! බෝ නොවන රෝග පැතිරීමේ අවදානමක්!

2 years ago 965

මෙරට බර වැඩි සහ තරබාරු තත්ත්වයේ සිටින පුද්ගලයින්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන පවසයි.

බර වැඩිවීම මඟින් පසුකාලීනව බෝ නොවන රෝග ඇති වීමේ අවදානමක් පවතින බවයි, ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

“දැනුවත් වෙමු ස්ථුලතාවයෙන් මිදෙමු” යන තේමාව යටතේ ලබන 04 වනදාට යෙදෙන ගෝලීය ස්ථුලතාවය වැළැක්වීමේ දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි, විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන එම අදහස් පළ කළේ.

“2015 දී 22.5%ක් වෙලා තිබුණා බර වැඩි සහ තරබාරු ගණයේ පුද්ගලයින් සංඛ්‍යාව පුරුෂයින් අතර. මේ ප්‍රමාණය 2021 සමීක්ෂණයට අනුව 30%ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ එක්කම කාන්තාවන් අතර 2015 දී 34%ක් බර වැඩි සහ තරබාරු ගණයට වැටුණා. 2021 වනවිට 48%ක් වෙලා තියෙනවා බර වැඩි සහ තරබාරු ගණයට වැටෙන සංඛ්‍යාව. පරිභෝජනය කරන ප්‍රමාණය අපි වැයකරන ප්‍රමාණය ට වඩා වැඩිනම් ඒ වැඩි ප්‍රමාණය අපේ ශරීරයේ තැන්පත් වෙනවා තෙල් විදියට. ඒක තමා බර වැඩිවීමට බලපාන්නේ. මේය පසුකාලීනව බෝ නොවන රෝග ඇතිවීමේ අවධානම ඇති කරනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *