Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම ගැටුම

2 years ago 2.9 K

‍බ්‍රිතාන්‍ය රජ පවුල විසින් ගෙන ඇති ආන්දෝලනාත්මක තීරණයක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුල විසින් හැරී කුමරුට සහ මේගන් කුමරියට Windsor හි පිහිටි Frogmore Cottage වෙතින් ඉවත්වන ලෙසට දැනුම්දී ඇති බවය.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ තුන්වන චාල්ස් රජු විසින් මෙම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව රජ පවුලේ මෙම තීරණයත් සමඟ හැරී කුමරුට සහ මේගන් කුමරියට බ්‍රිතාන්‍යයේ කිසිදු වාසස්ථානයක් නොමැතිව යාම තවත් සුවිශේෂී කරුණකි.

Windsor හි පිහිටි කාමර 10කින් සමන්විත මෙම Frogmore නිවස බ්‍රිතාන්‍ය එලිසබෙත් මහරැජින විසින් හැරී කුමරුට සහ මේගන් කුමරියට විවාහය වෙනුවෙන් ලබා දුන් ත්‍යාගයකි.

ඔවුන් 2020 වසරේ අමෙරිකාව බලා පිටත්ව යාමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයට පැමිණි අවස්ථාවන්හිදී ඔවුන්ගේ නවාතැන වූයේ  Windsor හි පිහිටි Frogmore නිවසයි.

රජ පවුල ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සහ රජ පවුලට විරුද්ධ මත සඳහන් වෙන ග්‍රන්ථයක් එළිදැක්වීම ඇතුළු කරුණු මෙලෙස ඔවුන්ට මෙම නිවහන අහිමි වීමට හේතුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *