ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්රයේරැකියා අවස්ථා නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව 2023 මාර්තු 10 වැනි දින පස්වරු 04:30 හෝ ඊට පෙර තම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැනුම් දෙන්නේ.
ඒ සඳහා අයදුම්පත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයහි නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙතින් ලබා ගත හැකි අතර අවශ්‍ය සහතික සහ ලේඛන සමඟ SLBFE හි විද්‍යුත් තැපෑල titp@slbfe.lk වෙත විද්‍යුත් තැපෑලෙන් යැවිය යුතු වනවා.