Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

fuel

ඉන්ධන පිරවුම්හල්වල ජනතාවගේ මුදල් ගසා කන ජාවාරමක්

2 years ago 4 K

‍ඉන්ධන පිරවුම්හල් වල සංවිධානාත්මකව වැඩි මිලට පෙට්‍රල් අළෙවිය ක්‍රියාත්මක කරන බවත් එනිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබෙන බවද වාර්තා වේ.

පිරවුම්හල් සේවකයන්ට වැඩිපුර දෙන පෙට්‍රල් ලීටරයකට රුපියල් 50ක, 100ක මුදලක් ලබාදිය යුතු බවත් එවිට පෙට්‍රල් නිකුත් කරන බවද ජනතාව සදහන් කරයි.

කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශවල පිරවුම්හල් වලින් රුපියල් 500 ක පමණ මුදලක් දුන්විට එකවර රුපියල් 3,000 ක පෙට්‍රල් ගතහැකි බවද ත්‍රීරෝද රථ හිමියෝ සදහන් කරයි.

පිරවුම්හල් වල සේවකයින් එලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් ස්වයං රැකියාවේ නිරත වන සහ අඩු ආදායම් ලාභී පවුල් වලට එය දරාගැනීමට නොහැකි බවද ජනතාව සදහන් කරයි.

එනිසා ඉන්ධන පිරවුම්හල් කරන මෙම නීති විරෝධී වැඩි මිලට ඉන්ධන අළෙවි පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසද ජනතාව තවදුරටත් සදහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *