ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, පල්ගාර් දිස්ත්‍රික්කයේ 14 හැවිරිදි දැරියක් ඇගේ නිවස තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගත් පුවතක් එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ දැරිය මෙලෙස සියදිවි නසාගැනීමට පෙර, පියා විසින් තමාට ලිංගික අතවර කළ බවට “සියදිවි නසාගැනීමේ ලිපියක්” ද ලියා තබා ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය පැවසුවේ.
මීට දින තුනකට පෙර සියදිවි නසාගෙන ඇති මෙම දැරිය ලියා තිබූ එම ලිපිය පොලිසිය විසින් ඊයේ (02) සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දැරිය විසින් ලියන ලදැයි කියන සියදිවි නසාගැනීමේ ලිපියේ ඇය සඳහන් කර ඇත්තේ තම පියා විසින් තමාට ලිංගික අතවර කළ බවයි.
ඇය ඒ පිළිබඳව තම මව සමඟ දැනුම් දුන්නද, ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇය අපොහොසත් වූ බවයි ඇය එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
එම ලිපියේ දැරිය තම පියාට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ද ඉල්ලා ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය පරීක්ෂණයක් පවත්වනවා.