ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති ගාමිණි ජයවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ, කූඨ ලේඛන සකස්කර ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල්, රුපියල් විසි එක් ලක්ෂ 56,200ක් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු විදුහල්පතිවරයා ඇතුලු තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (03) විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීමේ චෝදනාව මතයි.
එමෙන්ම ඔහුගේ ඇපකරුවන්ට නොතිසි නිකුත් කිරීමටද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කළා.
2018 සිට 2020 දක්වා කාලය තුළ පාසල් සංවර්ධන සමිතියේ ගිණුමෙන් මුදල් වංචා කර ඇති බවට 2021 වසරේ ඔක්තෝම්බර් 26 වනදා ගාල්ල පොලිසියේ වංචා විමර්ශන අංශයට පැමිණිලි කර තිබුණේ එම විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයා විසින්.