Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බීමත් සැමියා බිරිඳගේ දෑත් සහ දෙපා ගැට ගසා කොච්චි මිරිස් අතුල්ලලා! කුඩෑල්ලන් හා පණුවන් ශරීරයට ඇතුළත් කරලා! කරදර ඉවසා ගත නොහැකිව බිරිඳ පොලිසී යයි!

7 months ago 5.1 K

සිය බිරිඳව නිරුවත් කොට ඇයගේ දෑත් සහ දෙපා ගැට ගසා කොච්චි මිරිස් තලා තලපයක් කර ඇයගේ ශරීරයට ඇතුළු කළ බව කියන  සැමියකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ අරඹා ඇතැයි  පාදුක්ක පොලිසිය පවසයි.

පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සිව්දරු මවක් පාදුක්ක පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්.එස්.ඒ. පත්මා මහත්මිය වෙත සිදු කළ පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බීමත්ව පැමිණෙන තම සැමියා දෑත් දෙපා ගැට ගසා කූඩැල්ලන් හෝ පණුවන් රැගෙනවිත් තම ශරීරයට ඇතුළු කරන බවත් එයින් තමන්ට දැඩි වේදනාවක් දැනෙන බවත් ඇය  පවසා ඇත.

එලෙස කිරීමට අවස්ථාව නොදුන් විට අමානුෂික ලෙස පහර දෙන බවත් එම කාන්තාව සිදුකල පැමිණිල්ලෙහි සදහන් වන බවද පොලිසිය පවසයි.

මෙම අමානුෂික වද හිංසා 11 හැවිරිදි දියණිය ඉදිරිපිට පැමිණවීම හේතුවෙන් දියණිය දැඩි අපහසුතාවයට පත් ව සිටින බවත් තමන්ට මාස හතරක අත දරැවකු  ද සිටින බවත් අදාල කාන්තාව වැඩි දුරටත් සදහන් කර ඇත.

කාන්තාව ප්‍රතිකාර සදහා පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කළ බවද ප්‍රතිකාර කටයුතු නිමවීමෙන් පසු ඇයගේ සහෝදරියක සහ දරුවන්ද සමගින් අනුරාධපුරය ප්‍රදේශයේ පිහිටි තම මව්පියන් ගෙ නිවස වෙත යාම සදහා පාදුක්ක පොලිසියේ සේවයේ නිරත පොලිස් නිළධාරීන් එක්ව මුදලක් එකතු කර ඇයට ලබා දීමට කටයුතු කළ  බවද පාදුක්ක පොලිසිය

සැකකරු රියදුරකු ලෙස කටයුතු කරන අයකු බවත් ස්ථිර රැකියාවක් නොමැති බවත් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් සැකකරැ අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවත් පාදුක්ක පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පද්මා මහත්මිය පරීක්ෂණ පවත්වයි.
(කේ.බුද්ධික කරුණාසිරි – ලංකාදීප)

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *