Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විභාග උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනාව ඉහළට

4

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා සම්බන්ධ වන පරීක්ෂකවරුන් වෙත රුපියල් 2,000ක දෛනික දීමනාවක් ගෙවීම සඳහා අනුමැතිය ලැබී තිබේ. මින් පෙර වර්ෂවලදී ඔවුනට ලබා දුන්නේ රුපියල් 500ක දෛනික දීමනාවක් පමණි.

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පරීක්ෂකවරුන් බඳවා ගැනීම මාර්තු මස 8 වනදා දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ප්‍රමාද කිරීම හේතුවෙන් විභාග අපේක්ෂකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ඇගයීම් කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කළ ගෙවීම්වලින් රුපියල් දහසක් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවය.

උසස් පෙළ විභාගය අවසන් වී සති 02ක කාලයක් ගතවුවද ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහාතා පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *