මිල සූත්‍රයට අනුව හෙට (05) ගෑස් මිලෙහි වැඩි වීමක් සිදු වීමට තිබුණත් එය සිදු නොකර ජනතාවට සහනයක් දීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණයක් ගැනීමට බොහෝ දුරට කටයුතු කිරීමට ඉඩ තිබෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරයි.
ජනතාව ඉතා අසීරුතාවකින් සිටින නිසා ගෑස් මිලෙහි නියත වැඩි වීමක් තිබුණත් එම මිලෙහි වැඩි වීමක් සිදු නොකර සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි, සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
එමෙන්ම රුපියල ශක්තිමත් වීම තුළ එහි වාසිය ජනතාවට දීමට කටයුතු කිරීමට ක්‍රියා කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.