Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සංගීත ප්‍රසංගයේ සිංදු කියන්න නොදුන්නාට ඇමතිට මල පනී! දිනකට ලක්ෂ 50කට අධික ආදායමක් ලැබූ සංචාරක දුම්රිය නවතා දමයි!

2 years ago 3.8 K

දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන සංචාරක දුම්රිය ව්‍යාපෘතියක් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නතර කර ඇති බව දුම්රිය නගාසිටුවීමේ සංගමය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා පෙන්වා දෙන්නේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත්‍රයාට දෙසැම්බර් 31වැනි දා රූපවාහිනී සංගීත ප්‍රසංගයේ දී ගායනා කිරීමට ඉඩ නොදීමෙන් නොදීම හේතුවෙන් එය තහනම් කරන ලදැයි සැකයක් ඇතිවී තිබෙන බවයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකදීය.

ලංකාවේ වටිනාම ඉඩම් ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට බවත් කොමිස් මුදල් බලාපොරොත්තුවෙන් කුණු කොල්ලයට ඒවා ලබා දී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අද හිඟා කන තත්ත්වයට පත්ව ඇති බවත් හෙතෙම පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කරන ලද්දේ ලලිතසිරි ගුණරුවන් විසින් බවත් සැහැල්ලු දුම්රිය ශ්‍රී ලංකාවට අහිමි කළේ ඔහු විසින් බවත් හෙතෙම තවදුරටත් කියා සිටී.(lankacnews)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *