Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සැමියාගෙන් පලිගන්න දෙහැවිරිදි දියණිය ඉස්සන් ගොවිපොළක ටැංකියකට තල්ලු කළ මව

1 year ago 2.5 K

මවක්, අවුරුදු එක හමාරක් වයසැති සිය දියණිය ඉස්සන් ගොවිපොළක ටැංකියකට තල්ලු කළ පුවතක් උඩප්පුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

උඩප්පුව, කට්ටකාඩු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉස්සන් ගොවිපළක සේවයේ නියුතු අදාළ මව පෙරේදා (02) පස්වරුවේ සිය දැරිය මෙලෙස ඉස්සන් වගාකළ ටැංකියට තල්ලුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පසුව අදාළ දැරිය ටැංකියෙන් ගොඩගෙන මුන්දලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහලේ ප්‍රකාශකයකු කියාසිටියේ දරුවාගේ තත්වය මේ වන විට යහපත් අතට හැරී ඇති බවයි.

දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කල කාන්තාව සහ ඇයගේ සැමියා අතර කාලයක සිට පවුල් ආරවුලක් තිබී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර මව උඩප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *