Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරුවරුන් 8,000කගේ පත්වීම් තවදුරටත් ප්‍රමාද වෙයි

2 years ago 3.2 K

2022 සැප්තැම්බර් මස මස පැවැත්වු 2018 – 2020 ජාතික ශික්ශණ විද්‍යා ඩිප්ලෝමා අවසන් විභාගයේ ප්‍රතිඵල මාස 5ක කාලයක් ඉක්මවා ගියද තවමත් නිකුත් කිරිමට ජාතික අධ්‍යාපන ආයතනයට නොහැකි විම නිසා පත්වීමි අපේක්ශිත පුහුණු ගුරුවරුන් 8000 ක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙයි.

2022 නොවැම්බර් 30 දින සීමාවාසි පුහුණුව අවසන් කර සිටින 2018 – 2020 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ශණලාභි කන්ඩායමේ ගුරුවරුන් 8000 පත්විම් මාර්තු 27 නව පාසල් වාරය ආරම්භ වීමට පෙර ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහාතා පාර්ලිමේන්තුවෙදි පැවසුවද ප්‍රතිඵල නිකුත් කිරිම ප්‍රමාදය නිසා පත්විම් ලබාදිමට අදාළ අධ්‍යාපන අමාත්‍යංශ කාර්්‍යයන් සිදුකිරිමට නොහැකි වි තිබේ.

මෙම පුහුණු ගුරුවරුන් 8000 සදහා පත්වීම් ලබාදිම සදහා මැතිවරණ කොමිශන් සභාවද අවසර ලබා දි ඇත.

2022 දෙසැම්බර්31 දින රජයේ පාසල් ගුරුවරුන් 13000 පමන විශ්‍රාම යාම නිසා ග්‍රාමිය පාසල් හි උග්‍ර ගුරු හිගයක් ඇති වි තිබේ.

සීමාවාසි පුහුණුව අවසන් වි මාස 4 ක පමන කාලයක් රැකියා විරහිතව කාලය ගත කිරිමට සිදුවිම නිසා මෙම පුහුණු ගුරුවරුන් ආර්ථික අපහසුතා රැසකටද මුහුණ පා ඇති වාර්තා වෙයි.
-චරිත් රනවක-

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *