Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මිනිසුන් 14ක් සමඟ ලොරියක් හෙලකට පෙරළෙයි! අයෙක් එළියට පැන ⁣බේරෙයි! 5කට බරපතළයි!

1 year ago 1.6 K

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එලවළු රැගෙන ඒම සදහා ධාවනය කරමින් තිබු ලොරි රථයක් අද (05) උදෑසන මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරට ලක්ව ඇත.

අනතුරෙන් රථයේ ගමන් ගත් 14 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑළිය පොලිසිය පැවසීය.

නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ ලබුකැලේ තේ කර්මාන්ත ශාලාව අසලදි මෙම අනතුර සිදුව ඇත.

නුවරඑළිය ලබුකැලේ ප්‍රදේශයේ පිහිටි එලවළු ගොවිපොලකින් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත එලවළු ගලවා රැගෙන ඒමට ගිය කම්කරුවන් පිරිසක් මෙලෙස අනතුරෙන් තුවාල ලබා ඇත.

අනතුරෙන් තුවාල ලැබු පස්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අධික වේගයෙන් ධාවනය කර ඇති ලොරි රථයේ වේගය පාලනය කිරිම සදහා රියැදුරු තිරිංගු ක්‍රියාත්මක කිරිමේදි ලොරි රථය රියැදුරුගේ පාලනයෙන් මිදි ඇදිගොස් ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදු වී ඇති බවයි පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.

අනතුරෙන් තුවාල ලැබු පිරිස කොත්මලේ පොලිසියේ නිලධාරින් සහ ලබුකැලේ ප්‍රදේශවාසින් එක්ව රෝහල් ගත කර ඇත.

ලොරි රථය අනතුරට පත් වන අවස්තාවේ එහි 15 දෙනෙකු ගමන් කර ඇති අතර එක් අයෙක් ලොරි රථය පෙරලෙන අවස්තාවේ ඉන් බිමට පැන අනතුරෙන්  බේරි තිබේ.

අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව පොලිසිය පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *