Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

NPP විරෝධතාවයේදී  දී කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වූ ඉංජිනේරුවා සිහි මුර්ජාවෙන් තවමත් දැඩිසත්කාර එක්කයේ

2 years ago 1.1 K

පසුගිය 26 වැනිදා ඉරිදා කොළඹ ටවුන්හෝල් අසල දී ජාතික ජන බලවේගයේ විරෝධතා ව්‍යාපාරයට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් දැඩිලෙස රෝගාතුර වූ 46 හැවිරිදි  වෘත්තීය ඉංජිනේරුවෙක් වන අජිත් ගමගේ මහතා එම ප්‍රහාරයට මුහුණ දුන් අවස්ථාවේ සිට මේ දක්වා පසුවන්නේ සිහි මුර්ජා වී දැඩි සත්කාර ඒකකයේ බව ජාතික ජනබලවේගයේ නීතිඥයින් ඊයේ (04) කැඳවා තිබූ මාධය හමුවක් අමතමින් පැවසීය.

කැස්බෑව ප්‍රදේශයේ පදිංචි වී සිටින  අජිත් ගමගේ දෙදරු පියෙකි. ඔහුගේ බිරිය වෘත්තීය වෛද්‍යවරියකි. ඔහු සම්බන්ධව අදහස් දක්වමින් නීතිඥ අකලංක උක්වත්ත මෙසේ ද පැවසුවේය.

“අසාත්මිකතාවයෙන් සිටින සහෝදරයා තවම දැඩි සත්කාර ඒකකයේ පසුවෙනවා. ඒ අවස්ථාවේ සිට මේ දක්වා තවමත් සිහි නොමැතිව ඉන්නවා.”

“ඔහු වයස අවුරුදු හතළිස් ගණනක අයෙක්. ඉංජිනේරුවරයෙක්.”

“මටත් අත්දැකීමක් තිබෙනවා. මගේ කටහඬ තවමත් වෙනස් වූ ලෙසමයි තිබෙන්නේ. මෙතන පාවිච්චි කිරීමට නුසුදුසු කඳුළු ගෑස් ප්‍රමාණයක් පාවිච්චි කළාද යන සැකය නිසා රස පරීක්ෂකට යවා තිබෙනවා. 

විශාල පිරිසක් සිටින තැනකට කඳුළු ගෑස් එවැනි ආකාරයෙන් එල්ල කරනවාද යන ප්‍රශ්නය තිබෙනවා.”

“ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කියා තිබෙනවා යම්කිසි අවස්ථාවක ජන උද්ඝෝෂණයක් විසුරුවා හරිනවා නම්, මිනිසුන්ට විසිරී යාමේ ඉඩ ප්‍රස්ථා තිබෙන ස්ථාන වල ඒවා භාවිතා කළ යුතු බවට. ඒ බවක් අපි දුටුවේ නැහැ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *