මේ දිනවල ළමයින් අතර වෛරස් රෝගී තත්ත්වයක් වැඩි වශයෙන් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා. උගුරේ වේදනාව, උණ සහ කැස්ස වැනි රෝග ලක්ෂණ ඒ සමඟ දැකගත හැකි බවයි ඔහු කියා සිටියේ.
මේ වසරේ ගතවූ මාස දෙක ඇතුළත ඩෙංගු රෝගීන් 12,496 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත්, පසුගිය වසරේ මුල් මාස දෙක තුළ වාර්තා වී තිබුණේ ඩෙංගු රෝගීන් 9,435 ක් පමණයි.
එය සැලකිය යුතු වැඩිවීමක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පෙන්වා දෙන්නේ.
අවට පරිසරය පිළිබඳව සැලකිලිමත් වෙමින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමෙන් ඩෙංගු ව්‍යාප්තිය අවම කරගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.