Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බංගලාදේශයේ සරණාගත කඳවුරක ගින්නක් පැතිරෙයි! දසදහස් ගණනකට වාසස්ථාන අහිමි වෙයි!

1 year ago 325

බංගලාදේශයේ ගිනිකොණදිග ප්‍රදේශයේ රොහින්ග්‍යා සරණාගත කඳවුරක හටගත් ගින්නකින් දහස් ගණනකට නිවාස අහිමි වී තිබේ.

ගින්නෙන් මේ වන විට නිවාස 2,000ක් පමණ සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවට තොරතුරු වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව රොහින්ග්‍යා සරණාගතයින් 12,000කට පමණ වාසස්ථාන අහිමි වී තිබේ.

ගින්නෙන් මියගිය හෝ තුවාල ලැබු පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර පවුල් 100ක් පමණ අතුරුදන්ව ඇති බව සඳහන්ය.

පැය තුනක පමණ කාලයකට පසුව ඒකාබද්ධ මෙහෙයුමක් මඟින් ගින්න මැඩපවත්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ගින්නෙන් නිවාසවලට අමතරව මුස්ලිම් දේවස්ථාන 35ක් සහ සරණාගතයින් සඳහා වු ඉගෙනුම් මධ්‍යස්ථාන 21ක් ද විනාශ වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *