Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනියම් සබඳතා ඇතැයි සැකයට සැමියා බිරිඳගේ ගෙල කපා ඝාතනය කරලා

1 year ago 2.8 K

ඌරගස්මංහන්දිය මහ ඌරගහ  පරුස්සගොඩ ප්‍රදේශයේදී ඊයේ (5) පසවරුවේ භාර්යාව අනියම් සම්බන්ධතාවක් පවත්වනවා යයි ඇතිවූ සැකය මත සැමියා විසින් සිය කුරුදු කපන කැත්තකින් භාර්යාවගේ ගෙල  කපා ඝාතනය කොට ඇතැයි ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ ඌරගස්මන්හන්දිය මහ ඌරගහ පරුස්සගොඩ පදිංචි යකුපිටි ආරච්චිගේ චතුරිකා මල්කාන්ති නමැති 34 හැවිරිදි තිදරු මවකි.

සැකකාර සැමියා ඊයේ (5) රෑ පොලීසියට පැමණ භාරවීමෙන් පසු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

සැකකාර සැමියා සිය භාර්යාව අනියම් සම්බන්ධතා පවත්වන බවට සැකකරන බවත් මේ නිසාම ඔවුන් දෙදෙනා අතර මේ කාරණාව සම්බන්ධයෙන් නිතර නිතර කලකෝලාහල ඇතිවී තිබෙන බවත් මේ සම්බන්ධ පැමිණිළි සිය ස්ථානයට ලැබී ඇති බවත් පොලීසිය කියයි.

ඝාතනයවූ භාර්යාවට වඩා සැකකාර සැමිය අවුරුදු දහසයක් වැඩිමහල් බව ද පොලීසිය පවසන අතර ඝාතනයවූ භාර්යාව  34 වැනි වියේ ද සැකකාර සැමියා 50 වැනි වියේ පසුවූවන් බව ද කියයි.

සංචාරක මාළු වෙළදාමේ යෙදෙන සැකකාර සැමියා තමා මාළු වෙළදාමේ යෙදී සිටින අවස්ථාවේදී සිය භාර්යාව අනියම් සම්බන්ධතා පවත්වන බව ඔහු තුළ තිබූ දැඩි සැකය මේ ඝාතනයට හේතුව බව අනාවරණයවූ බව ද පොලීසිය කියයි.

සිය භාර්යාව දන්නා හදුනන කෙනෙක් සමග සිනාසුනත් සැකකාර සැමියා ඇය ගැන සැකකරන තත්ත්වයට පත්ව සිටි අයෙක් බවද පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් කතා බහක් දෙදෙනා අතර ඊයේ (5)පස්වරුවේදීත් ඇති වන්නට ඇතැයි සැකකරන බවත් එය දුර දිග ගොස් සැමියා භාර්යාව සිය නිවසේ පිටුපසට රැගෙන ගොස් කුරුදු කපන කැත්තකින් ගෙල කපා ඇය ඝාතනය කරන්නට ඇති බවට ද සැකකරන බවත් පොලීසිය කියයි.

සැකකාර සැමියා ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

ඇල්පිටිය පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ උපදෙස් පරිදි ඌරගස්මන්හන්දිය පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *