Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නිවෙස්වලට සේවක සේවිකාවන් වැඩට ගන්නේ බලාගෙනයි! නිවසේ සේවයට ඇවිත් විනාඩි 20න් රන් භාණ්ඩ කොල්ල් කා පළා ගිය කාන්තාවක් අත්අඩංගුවට!

1 year ago 1.2 K

නිවසේ මෙහෙකාර සේවයට පැමිණි දවසේම මිනිත්තු කිහිපයක් ඇතුළත එම නිවසේ භාණ්ඩ සොරාගෙන පළාගිය කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ සියපත් සෙවන නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින 38 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි.

වෛද්‍යවරයෙකු විසින් බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක සිය නිවසේ සේවය සඳහා මෙහෙකාරියක් අවශ්‍ය බවට දැන්වීමක් පළකර තිබේ.

ඒ අනුව සැකකාර කාන්තාව පසුගිය 25 වනදා අදාළ නිවසට පැමිණ ඇත්තේ මෙහෙකාර සේවයට බව පවසමිනි.

අනතුරුව මිනිත්තු 20 වැනි කෙටි කාලයක් තුළදී අදාළ කාන්තාව එම නිවසේ තිබූ රන් භාණ්ඩ සොරාගෙන පළාගොස් ඇති බවට ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එහිදී බම්බලපිටිය පොලීසිය විසින් CCTV ආශ්‍රිතව සිදුකළ විමර්ශනවලදී සැකකාර කාන්තාව වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

සැකකාර කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සොරාගන්නා ලද රන් භාණ්ඩ හෙට්ටිවීදියේ රන් භාණ්ඩ අලෙවිසැලකට විකුණා ඇති බවය.

පසුව පොලීසිය සිදුකළ පරීක්ෂාකිරීම්වලදී උණුකර තිබූ එම රන් භාණ්ඩ සොයාගැනීමට සමත්ව ඇත.

සැකකාරිය තලංගම, හෝමාගම, අංගොඩ, මහබාගේ, වත්තල, ජාඇල, දෙමටගොඩ, බ්ලූමැන්ඩල් හා නිට්ටඹුව ප්‍රදේශවල නිවාසවල මෙහෙකාර සේවය සඳහා ගොස් මේ අයුරින් දේපොළ සොරාගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇපමත නිදහස්ව සිටින කාන්තාවක් බවටද වැඩිදුර විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බම්බලපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
-adaderana-

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *