Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනියම් බිරිඳක් වශයෙන් සිටින ජනප්‍රිය නිළියක් සී.අයි.ඩී.යට කැඳවයි

7 months ago 5 K

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනියම් බිරියක ලෙසින් සිටින බව කියන ජනප්‍රිය නිළියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවීමක් කර ඇත.

ඒ හයිබ්‍රිඩ් සුද්දා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව කියන සැකකරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් ඇයට මිලදීගෙන දුන් නිවසක් සම්බන්ධ විමර්ශනයකටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ඇයට මෙම කැඳවීම පසුගිය සිකුරාදා (3) කර ඇතත් නොපැමිණීම නිසා යළිත් මෙම සතියේ පැමිණෙන ලෙස දන්වා තිබේ.

මෙම නිළියට දකුණු පළාතේ නිවසක් හා පිළියන්දල ප්‍රදේශ​යේ නිවසක් ඇති බවද හෙළිවී ඇත.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරේ බ්ලුමැන්ඩල්හිදී පෙළපාළියකට වෙඩි තැබීමේ සිද්ධියකට හයිබ්‍රිඩ් සුද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම නිළිය සමග දකුණු පළාතේ නිවසක සැඟව සිටියදීය.
-aruna-

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *