Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ශිෂ්‍යත්ව ඇතුළු සියලුම විභාගයන් කල් දැමීමට සිදුවිය හැකි බවට ගුරු සංගම් වෙතින් අනතුරු ඇඟවීමක්

3.3 K

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ඇරඹීම ප්‍රමාද වීම හේතුවෙන් මෙරට විභාග කාලසටහන් සැලසුම් තවත් ප්‍රමාද වනු ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

ඔහු පෙන්වා දුන්නේ දෛනික ගෙවීම රුපියල් 2,000කට සීමා කිරීම හේතුවෙන් ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් ඉල්ලුම් නොකරන බවයි.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම සඳහා ලබාදෙන දෛනික දීමනාව ප්‍රමාණවත් නොවන බව ජෝසෆ් ස්ටාලින් පැවසීය.

“අධ්‍යාපන අමාත්‍යවරයා මේ දීමනා ප්‍රමාණාවත් නැති නිසා ඔහු විසින් රුපියල් 3,000කින් දෛනික දීමනාව වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා. නමුත් කැබිනට් පත්‍රිකාව තුළ මේ දෛනික දීමනාව රුපියල් 2,000යි දීලා තියෙන්නේ. මේක ප්‍රමාණවත් නෑ. ඒක නිසා මේක තවදුරටත් දීර්ඝ වීම තුළ ගුරුවන්ගේ අයැදුම් කිරීම ප්‍රමාද වෙන්න පුළුවන්. ආණ්ඩුව දැන ගන්න ඕනේ මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ ඇගයිම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම. අපිට අවශ්‍යයි අදාළ අවුරුද්දේ විභාග තියන්න. එහෙම සිදුවුනොත් තමයි මේ අධ්‍යාපන අර්බුද අවසන් වෙන්නේ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *