ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බවත් එම මිල අද (8) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
පාන් ගොඩියක් රුපියල් 150 සිට රුපියල් 180 දක්වා විවිද මිලවලට අළෙවි වන බවත් එම ඕනෑම මිලක් රුපියල් 10 කින් අඩු කළ යුතු බවත් ජයවර්ධන මහතා කීය.
බනිස් සහ රෝස්පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් බේකරි හිමියන්ගේ සංගමය තීරණයක් ගෙන නොමැති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.